සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරු සඳහා හෙට පැවැත්වීමට නියමිත නිලවරණය පැවැත්වීම වළකාලමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු වන සයිමන් විදානලාගේ චන්ද්‍රසිංහ මහතා ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20 වැනිදා තෙක් බලපැවත්වෙන අන්දමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරු ලෆාර් තාහිර් සහ විනිසුරු කේ.එම්.එස්. දිසානායක යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණී.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකරු සයිමන් විදානලාගේ චන්ද්‍රසිංහ මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සබරගමුව මහ සමන් දේවාලයේ හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා ඇතුළු පිරිසන් නම් කර ඇත.
සබරගමුව සමන් දේවාලයේ තාවකාලික භාරකාර ධුරයේ තමන් කටයුතු කිරීම වළකාලන්නැයි හිටපු බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා අභියාචනාධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ අතුරු නියෝගය නිකුත් කළ බව සඳහන් කරන පෙත්සම්කරු ඊට අමතරව බස්නායක නිලමේධූරය සඳහා පවත්වන නිළවරණයයෙදී තමන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වළකාලමින් නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර තිබෙනවා
තත්ත්වය එසේ තිබියදී පසුගිය පෙබරවාරි 05 වැනිදා එක්තරා පුවත්පතක ‘හිටපු නිලමේ රත්නපුර සමන් දේවාලයේ වැඩබාර ගනී” යන ශීර්ෂය යටතේ පුවතක් පළ වු බවත් හිටපු බස්නායක නිලමේවරයාට යළිත් එම තනතුරේ කටයුතු කිරීමට අධිකරණය කිසිවිටකත් අතුරු නියොගයක් නිකුත් නොකළ බව සඳහන් කරන පෙත්සකරු මේ තත්වය යටතේ හිටපු බස්නායක නිලමේවරයා අධිකරණ නියෝගයට පටහැනිව කටයුතු කර ඇතැයිද මේ තත්වය යටතේ සාධාරණ හා නීත්‍යානුකූල මැතිවරණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද සඳහන්
මෙම තත්ත්වය යටතේ සබරගමුව සමන් දේවාලයේ බස්නායක නිලමේධූරය සඳහා නිලවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු අදාළ නිළවරණය පැවැත්වීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිනවා
කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ අධිකරණය පෙත්සම ලබන 20 වැනිදා යළි කැඳවීමටද නියම කලා
පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ චාමර නානායක්කාරවසම් මහතා පෙනී සිටියා