මාර්තු 15 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනයයේ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අද ඉදිරිපත් කර තිබෙනවා.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්‍යේක්ෂණ පුහුණු ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන විධායක නිලධාරී ඒ. එස් සන්ධික පවසා සිටියේ, එම වාර්තාවලට අනුව
රිලවු – මිලියන 5.71
වඳුරෝ – මිලියන 1.74
මොණරු – මිලියන 4.24
දඬුලේන්නු – මිලියන 2.26
දිවයින පුරා සිටින බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බවත්, විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති බවත් කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ සඳහන් කර තිබෙනවා.