කැබිතිගොල්ලෑව ප්රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට සමගි ජනබලවේගය සමත්ව තිබෙනවා.
සභාපතිවරයා තෝරාපත් කරගැනීමට අදාළ ඡන්ද විමසීම අද(13) පැවැති අවස්ථාවේදී බහුතර බලය ලබාගනිමිනි.
එහිදී සමගි ජන බලවේගයේ සභාපති ධුර අපේක්ෂකයා වූ රණසිංහ වනිගසේකරලාගේ ධර්මදාස මහතා කැබිතිගොල්ලෑව ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත්ව තිබෙනවා.
පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයේදී කැබිතිගොල්ලෑව ප්රාදේශීය සභාවේ ජයග්රහණය ජාතික ජන බලවගේය හිමිකරගත් අතර ඔවුන්ට ලබාගැනීමට හැකි වූයේ සභික ධුර 7ක් පමණයි.
එහිදී සමගි ජන බලවේගය සභිකධුර හයක් ලබාගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර තුනක්ද පොදුජන එක්සත් පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම එක් සභික ධුරය බැගින්ද හිමි වූවා.