අකුරුණ ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට හිමිව තිබෙනවා.
එහිදී සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා තේරී පත්ව තිබෙනවා.
ඒඅ ද(12) පෙරවරුවේ පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද තුනක් ලබාගනිමින්.
අකුරණ ප්‍රාදේශීය සභාව සභිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත වනවා.
අද දිනයේ පැවති සභාවරයට එක් සභිකයෙක් පැමිණ සිට නැහැ.
ඒ අනුව සභිකයන් 29 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ තාරික් අලී මහතාට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 13ක් පමණයි.
උප සභාපති ධුරය සඳහා ඡන්ද 18ක් ලබාගත් පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරන චමින්ද තිලකරත්න මහතා තේරී පත්වූවා.
උපසභාපති ධුරය සඳහා ජාතික ජනබලවේගයෙන් වසන්ත කුමාර මහතා නම් කර තිබුණද ඔහුට ලබාගැනීමට හැකි වූයේ ඡන්ද 11ක් පමණයි.