මෙරට සියළු ප්‍රජාවන්ට මැතිවරණ ක්‍රියාවලිය සදහා සම අවස්ථාවක් සැලසීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව විසින් සංඥා භාෂාව භාවිතා කරන්නන් හට ඩිජිටල් උපකාරක සේවාවක් සහ වෙබ් අඩවියක් නිර්මාණය කර තිබෙනවා.
මේ පිළිබදව අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නයාක මහතා සදහන් කළේ ඡන්ද මධ්‍යස්ථානයට එන ශ්‍රවණාබාධිත පුද්ගලයෙකුට අපහසුතාවයකින් තොරව තම ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම සදහා මෙම ඩිජිටල් උපකාරක සේවාව සහ වෙබ් අඩවිය නිර්මාණය කළ බවයි.