ෂොපින් මලුවලට මුදල් අය කිරීම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක් බව පාරිභෝගිකයන් පවසනවා.
ෂොපින් බෑග්වලට අද(01) දින සිට මුදල් අය කිරීමට රජය විසින් ගෙන ඇති තීරණය හොඳ ක්‍රියාවක් බව ඇතැම් ව්‍යාපාරිකයන් පවසද්දි තවත් පිරිසක් එය අසාධාරණ ක්‍රියාවක් බවට පවසනවා.
පාරිභෝගිකයන් විසින් ලබාගන්නා ආහාර ද්‍රව්‍ය සහ භාණ්ඩ පාරිභෝගිකයා වෙත නිකුත් කිරීමේදී ලබාදෙන ෂොපින් මල්ලට මුදල් අය කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හැටන් නගරයේ ව්‍යාපාරිකයන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් අප කළ විමසුමකට ඔවුන් එසේ කියා සිටියා.
මේ සම්බන්ධයෙන් ඇතැම් ව්‍යාපාරිකයන් කියා සිටියේ තමන් මෙතෙක් කල් පාරිභෝගිකයන්ට නොතේරෙන්න එම මුදල අය කළ බවත් අද(01) දින සිට එය නීත්‍යානුකුලව එම මුදල ලබාගැනීමට අවස්ථාව ලබාදීම හොඳ තීරණයක් බවත්ය.
පරිසර විනාශය අවම කිරීම සඳහා රජය ගෙන ඇති මෙම තීරණය හොඳ ක්‍රියාවක් බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ද පවසනවා.
සතොස මගින් නිකුත් කරන සෑම භාණ්ඩායකටම එම භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය බහාලීම සඳහා වැය වන ෂොපින් මලුවලට අදාළ මුදල බිල් පතේම සඳහන් කර පාරිභෝගිකයන්ගෙන් අය කර ගැනීමට කටයුතු කර තිබෙනවා.













