ජපානයේ ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය අසලදී ශ්‍රී ලාංකිකයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ජපානයේ ගිනි අවි හා කඩු පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මතයි.
අදාළ ශ්‍රී ලාංකිකයා තියුණු ආයුධයකින් ගෙල කපා ගැනීමට උත්සාහ කිරිමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම දුටු පොලිස් නිලධාරියෙකු ඔහු ඉන් වළක්වා තිබෙනවා.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් තත්ත්වය පාලන කිරීමට කටයුතු කර තිබෙනවා.
අතෙහි සහ ගෙල ප්‍රදේහයේ තුවාල සහිතව සිහිසුන්ව සිටි ලාංකිකයා ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුව ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.













