අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඔවුන් සදහන් කරන්නේ මෙමගින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර බලපෑම් සිදුවන බවයි.
එමෙන්ම සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙනවා.