සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.
ඒ අනුව තරගාවලිය තරල දෙකට බින්දුවක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක ණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 277ක් ලබාගැනීමට සමත් වූවා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Ben Curran ලකුණු 79ක්ද නොදැවී පන්දුවට පහර දුන් Sikandar Raza ලකුණු 59ක්ද ලබාගැනීමට සමත් වූවා.
Clive Madande ලකුණු 36ක්ද Brian Bennett ලකුණු 21ක්ද ලබාගැනීමට සමත් වූවා.
Brendan Taylor සහ Sean Williams ලකුණු 20 බැගින් ලබාගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු තුනක්ද අසිත ප්‍රනාන්දු කඩුලු දෙකක්ද දවා ගැනීමට සමත් වූවා.
ඩිල්ෂාන් මධුෂංක සහ ජනිත් ලියනගේ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.
ලකුණු 278ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් සිය ඉලක්කය පන්දුවාර 49.3කදී සපුරා ගැනීමට සමත් වූවා.
එහිදී අගනා ශතකයක් ලබාගනිමින් පැතුම් නිශ්ශංක ලකුණු 122ක් ලබාගැනීමට සමත් වූයේ හතරේ පහර 16ක්ද සමගින්.
එසේම නායක චරිත් අසලංකද අගනා ලකුණු 71ක් ලබාගැනීමට සමත් වූයේ පන්දු 61කදී හතරේ පහර හතක් සමගින්.
සධීර සමරවික්‍රම ලකුණු 31කට දැවී ගියා.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී Richard Ngarava සහ Brad Evans කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූ අතර Ernest Masuku එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.