දකුණු කොරියාවේ පැවති ජාත්‍යන්තර දුනු විදීමේ සංගමයේ මහා සමුළුවේදී, ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ සුනේත්‍රා සෙනෙවිරත්න, තාක්ෂණික නිලධාරී තනතුර මෙරට ඉතිහාසයේ පළමු වරට හිමි කර ගෙන අද(05) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම මහා සමුළුව ඉකුත් 01 දින සිට 04 දින දක්වා දකුණු කොරියාවේ සියෝල් අගනුවර පැවැත්වුණා.
දුනු විදීමේ ක්‍රීඩාව ලෝකයේ පැරණිතම ක්‍රීඩාවකි. දුනු විදීමේ ක්‍රීඩාව ඔලිම්පික් ලෝක ශූරතා සහ අනෙකුත් ජාත්‍යාන්තර තරග පැවැත්වීමේදී අවශ්‍ය වන තරග නීනීරීති සම්පාදනය සහ තරග පවත්වන ආකාරය පිළිබඳ නිර්දේශ කිරීම මෙම තාක්ෂණික නිලධාරී කමිටුව විසින් සිදු කරනු ලබනවා.
සුනේත්‍රා සෙනෙවිරත්න ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමය නියෝජනය කරමින් මහා සමුළුවට සහභාගී වෙමින් තාක්ෂණික නිලධාරී තනතුර සඳහා ලෝකයේ ප්‍රබල රටවල් 08ක තරගකරුවන් සමග තරග කර, 179 ක වැඩිම ජන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමින්, ශ්‍රී ලංකා දුනු විදීමේ ඉතිහාසයේ පළමු ජාත්‍යාන්තර තනතුර හිමි කරගැනීමට සමත්ව තිබෙනවා.
ඇය අද(05) දින අලුයම 12.00 ට හොංකොං නුවර සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සඳහා ඇයගේ පවුලේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා දුනු විදීමේ සංගමයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.