ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවත්, ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් 7 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි හෙළිව තිබෙනවා.
ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 57 දෙනකු මුදා හැර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
ඒ අනුව, මේ වන විට විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇති බවත්, සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සදහන් කළා.
උණුසුම් පුවත්
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක්
- ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා
- දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
- නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
- කොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
- චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
- කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
- අයවැයේ ණය ගැනීමේ සීමාව පහත හෙළීම නිවැරදි තීරණයක්













