ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් 82 දෙනෙකු සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවත්, ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් 7 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවයි හෙළිව තිබෙනවා.
ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 57 දෙනකු මුදා හැර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කළේ.
වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
ඒ අනුව, මේ වන විට විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරගෙන යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇති බවත්, සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සදහන් කළා.
උණුසුම් පුවත්
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
- අකුරේගොඩ වෙඩිල්ලේ අනෙක් වෙඩික්කරුත් අත්අඩංගුවට
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට














