ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ සුපිරි වෙළෙඳසැලක පිහි ඇනුමක් සිදුව තිබෙනවා.
මෙයින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් පුද්ගලයින් තිදෙනෙකු සැත්කම්වලට භාජනය කර තිබෙනවා.
තුවාල ලැබූ අයගෙන් 6 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර , 5 දෙනෙකු කාන්තාවන්.
සිද්ධියට සම්බන්ධ 42 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔහු මිචිගන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙක්.
සැකකරුගේ අනන්‍යතාවය තවමත් හෙළි කරගෙන නැහැ.