මේ වන විට වෙළඳපොළෙහි සීනි සහ කීරි සම්බා සහල්වල හිඟයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
පසුගියදා සීනි සඳහා බදු පැනවීමත් සමග වෙළඳපොළෙහි සීනි මිල ඉහළ ගිය අතර පසුව රජය විසින් සීනි සඳහා පාලන මිලක් පැනවීමටයි කටයුතු කළේ.
රට තුළ සීනි හිඟයක් ඇති වීමට ඉඩකඩක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
දැරණියගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රට තුළ සීනි මෙටි්‍රක් ටොන් 19,000 ක් මේ වනවිට පවතින බවයි.
හඬ පට ධාවකයමේ අතර වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අද දිනයේදී සීනි ආනයනකරුවන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි.
එහිදී සීනි මිල සහ හිඟයට විසදුම් ලැබෙනු ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයමේ අතර වෙළඳපොළෙහි කීරි සම්බා සහල් හිඟයක් පවතින බවට ද තොරතුරු වාර්තා වනවා.
වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කීරි සම්බා හිඟය මගහරවා ගැනීම සඳහා පිටරටින් එම සහල් ගෙන්වීමට කටයුතු කරන බවයි.