වෙන්නප්පුව, කිරිමැටියාන මාර්ගයේ ගොරකගස් හන්දියේදි අද උදැසන පාසැල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටිමෙන් යතුරු පැදිකරු එම ස්ථානයේදිම මිය ගොස් තරුණියක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ කොට්ටරාමුල්ල පලුවැල්ගාල ප්‍රදේශයේ පදිංචි ජයසිංහ ආරච්චිගේ පුෂ්පකුමාර ඒකනායක නැමති 70 හැවිරිදි විශ්‍රාමික ග්‍රාම නිළධාරිවරයෙක්.
ඔහුගේ දියණිය මාරවිල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මරණකරු පැදවූ යතුරු පැදිය කිරිමැටියාන සිට වෙන්නප්පුව දෙසට පැමිණිමින් සිටියදි කොරකගස් හන්දියේදි බොරැල්ල අතුරු මාර්ගයෙන් පැමිණ ප්‍රධාන මාර්ගයට අවතිර්ණ වු වැන් රථයක ගැටිමෙන් අනතුර සිදුවි ඇති බව පොලිසිය සඳහන් කරනවා.
යතුරු පැදිය වැන් රථයේ ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල ලබා එම ස්ථානයේදිම මිය ගොස් ඇති අතර යතුරු පැදියේ පසුපස අසුනේ සිටි මරණකරුගේ දියණිය බරපතල තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කිරිමට පියවර ගෙන තිබෙනවා.
අනතුරින් මිය ගොස් සිටින විශ්‍රාමික ග්‍රාම නිළධාරිවරයා තම දියණිය වෙන්නප්පුව බස් නැවතුමට ගෙන ගොස් ඇරලවිමට යාමේදි අනතුරට භාජනය වි තිබෙනවා.
පාසැල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථයේ රියදුරා අපරික්ෂාකාරි ලෙස වැන් රථය ධාවනය කිරිම අනතුරට හේතුව බවයි පොලිසිය සඳහන් කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ වැන් රථයේ පාසැල් ළමුන් සිට ඇතත් කිසිවකුට අනතුරක් සිදුවි නැහැ.