වීරගුල පොලිස් ස්ථානයේ ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයක් සියදිවි හානි කරගෙන තිබෙනවා.
සිය රාජකාරී ගිනි අවිය උපයෝගී කර ගනිමින් ඔහු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
56 හැවිරිදි පොලිස් නිලධාරිවරයා ගම්පහ, අත්තනගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.
එසේම විවාහක අයෙක් බවටද තොරතුරු වාර්තා වනවා.
වෙඩි තබා ගෙන සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.