අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 27,982 දෙදෙනෙකු පරීක්ෂා කර තිබෙනවා.
ඉන් සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 648 ක්.
පුද්ගලයින් 12 දෙනෙකු අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබෙනවා.
වරෙන්තුකරුවන් 230 දෙනෙකු ද විවෘත වරෙන්තුකරුවන් 142 දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දිනයේ දී බීමත් රියදුරන් 27 දෙනෙකු සහ අපරීක්ෂාකාරීව රිය පැදවු 15 දෙනෙකු ද අත්අඩංගුවට පත්වුණා.
වෙනත් රථ වාහන වැරදි සම්බන්ධයෙන් 3557 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.
මේ අතර වවුනියාව ප්‍රදේශයේ කළ වැටලීමකදී කරවල තොගයක් තුළ සඟවා ප්‍රවාහනය කරමින් තිබු මත්කරල් තුන්ලක්ෂ පනස්නවදහසක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාව කොට්ඨාශ අපරාධ විමර්ෂණ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි වවුනියාව ඩිපෝව අසල ප්‍රදේශයේ වැටලීම සිදුකළේ.