පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු වසන් කිරීම සදහා විපක්ෂය විසින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසංභංගයක් ගෙන එන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය ඒ සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ.
අදාළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරික්ෂණයක් මේ වන විටත් සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කලේ.