අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් අද පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආරම්භ කරනු ලැබුවා.
ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රාම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණයි.
විපතට පත් වූ පිරිස්වලට සෘජුවම සිය ගැටලු, අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ whatsApp ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා දී තිබෙනවා.
ඒ සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කිරීමේ හැකියාව ඇති බවයි විපක්ෂනායක කාර්‍යාලය පවසන්නේ.
0759 570 570
0761 660 570
0705 699 110
තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාල අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු කරන අතර
තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකයි.













