2025 වසරේ ජනවාරි සිට ජුලි මාසය දක්වා ගෙවුණු මාස හතක කාල තුළ විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරත වූ පුද්ගලයින් හා බලපත්‍ර රහිත රැකියා නියෝජිතායතනවලට එරෙහිව නඩු පවරා වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1994කට අධික මුදලක් යළි අය කරදීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නීතිඥ නෙළුම් සමරසේකර මහත්මියගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන ලද විශේෂ වැටලීම් හා කාර්යාංශයට ලැබුණු පැමිණිලි මත මෙම නඩු පැවරීම් සිදු කර තිබෙනවා.
මේ අනුව පසුගිය මාස 7 තුළ විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු ප්‍රමාණය 567ක් වන අතර එම කාලය තුළ විවිධ පැමිණිලි 2620ක් කාර්යාංශයට ලබී තිබෙනවා.
එසේම මෙම කාලය තුළ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මගින් සිදු කරන ලද වැටලීම් ප්‍රමාණය පහක් වන අතර ඊට නීති විරෝධී ක්‍රියාවල යෙදුණු එක් ලබපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක්ද අයත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.
මෙම කාලය තුළදී වංචනිකයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බලපත්‍රලාභී රැිකියා නියෝජිත ආයතනවල පුද්ගලයින් හත් දෙනෙක්ද ඇතුළත් වනවා.
මේ අතර 2024 වර්ෂය තුළදී රුපියල් ලක්ෂ 1825කට අධික මුදලක් විදේශ රැකියා වින්දිතයන්ට යළි අය කරදීමට කාර්යාංශය සමත්ව තිබෙනවා.
පසුගිය වර්ෂයේදී විදේශ රැිකියා ආශ්‍රීත පැමිණිලි4658ක් කාර්යාංශය වෙත ලැබී තිබෙනවා.
ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව හා මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම් සිදුවන බැවින් කාර්යාංශයෙන් විමසීම් නොකර එවැනි වංචාකරුවන්ට මුදල් ගෙවීමෙන් වළකින ලෙස කාර්යාංශයේ මහජනතාවට දැනුම්දෙනවා.
තවද පසුගිය කාලයේදී වංචනිකව එලෙස මුදල් ලබාගත් පුද්ගලයින් වෙතොත් එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු කාර්යාංශයේ 1989 දුරකතන අංකයට දැනුම් දෙන මෙන්ද කාර්යාංශය ඉල්ලා සිටිනවා.