විදෙස් සංචාරකයින් මෙරටට පැමිණිමේ වර්ධනයක් මේ වන විට වාර්තා වී තිබෙනවා.
මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශය නැරඹීමට ද එක්ව සිටිනවා.
එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් ජල ක්‍රීඩා සඳහා ද එක්ව සිටින බව සදහන්.
ඒ හේතුවෙන් අලුත්ගම, බෙන්තොට වැනි සංචාරක කලාප සංචාරකයින්ගෙන් පිරී පවතින අතර ජල ක්‍රීඩා සහ පැරා මෝටරින්ග් සඳහා ඔවුන් වැඩි උනන්දුවක් දක්වනවා.
බෙන්තර ගඟ ආශ්‍රිතව ජල ක්‍රීඩා සඳහා සුදුසු පරිසරයක් පවතින අතර ඔවුන්ට සේවා සැපයීමට සංචාරක ක්ෂේත්‍රයේ නිරත වුවන් ද කටයුතු කරමින් සිටිනවා.