විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි.
මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ.
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.
උණුසුම් පුවත්
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට ප්‍රංශයේ අනුමැතිය
- රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වැඩවර්ජනයක
- අමරිකාවේ හිම කුණාටුවකින් පුද්ගලයන් 29ක් මරුට
- ට්‍රම්ප්ගෙන් දකුණු කොරියාවට සියයට 25ක බද්දක්
- රිය අනතුරකින් එගොඩ උයන රථ වාහන ස්ථානාධිපති ජීවිතක්ෂයට
- යාපනයේදී තරුණයෙක් පැහැර ගැනීමට සැකපිට අටක් අල්ලයි
- ආර්.ඕ. (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය











