චීනයේ ප්‍රභූ පවුල් වැඩි වැඩියෙන් සිය දරුවන්ට විදෙස් අධ්‍යාපනය ලබා දීම කෙරෙහි වර්තමානය වන විට වැඩි නැඹුරුවක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව විශේෂයෙන් අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දෙන පුද්ගලයින් ජපානය තෝරා ගනු ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
ඒ අනුව ටෝකියෝ හි වර්ධනය වන ජාත්‍යන්තර පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට චීන දෙමාපියන් පෙළඹෙමින් සිටින අතර චීන සිසුන් කනිෂ්ඨ හා උසස් විභාග සඳහා සහභාගි වීමේ වර්ධනයක් ද පෙනෙන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙනවා.