විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
පොලිසිය කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචි රවිදු විදුරංග පීරිස් නමැති හෝටල් සේවකයෙක් බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.
ජීවිතක්ෂයට පත්වූ තරුණයා අදාළ හෝටලයේ සේවයට පැමිණ මාස හතරක් වැනි කෙටි කාලයක් බවද වාර්තා වනවා.
සිද්ධියෙන් පසුව පොලිස් 119 හදිසි දුරකථන අංකය ඔස්සේ දැනුවත් කිරීමක් සිදු කර ඇති අතර හෝටලයේ කළමනාකරු විසින් මොරටුව පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.
මොරටුව හදිසි මරණ පරීක්ෂක කවිඳු පීරිස් මහතා ස්ථානිය පරීක්ෂාව සිදුකර ඇති අතර සෝකෝ නිලධාරීන් හෙට දිනයේදී වැඩිදුර පරීක්ෂාව සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.