අකාර්යක්ෂම කළමනාකරණය හේතුවෙන් විදුලි බල මණ්ඩලය ලබන පාඩුව ජනතාව මත පැටවීම නතර කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේ දී විදුලි බල මණ්ඩලය බිලියන 18ක පාඩුවක් ලැබීම ආණ්ඩුවේ කළමනාකරණ දුර්වලතාව මනාව පෙන්නුම් කිරීමක් බවයි.
මෙම පාඩුව ජනතාව මත පටවමින් සියයට 20කට ආසන්න විදුලි ගාස්තු වැඩිකිරීමකට රජය කටයුතු කරමින් සිටින්නේ ජනතාවට ලබාදුන් පොරොන්දු අමතක කරමින් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරනය කළා.
රජය පොරොන්දු වූ ආකාරයට විදුලි බිල තවත් සියයට 13කින් අඩු කිරීමට තිබියදී මේ ආකාරයෙන් විදුලි බිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය තරයේ හෙළාදකින බවයි විපක්ෂ නායකවරයා සදහන් කළේ.
මෙම තීරණයට එරෙහිව ජනතාව සමග එකට සිට ප්‍රජාතන්ත්‍රවාදී සටනක නිරත වීමට සමගි ජනබලවේගය කිසිසේත් පසුබට නොවන බව සිය නිවේදනය මගින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට










