මෙම වසරේ ජූනි මස 30 වනදායින් අවසන් වූ දෙවන මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් බිලියන 5.31 ක ලාභයක් වාර්තා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සමත්ව තිබෙනවා.
කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය මෙම වසරේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 18.47 ක අලාභයක් වාර්තා කරනු ලැබුවා.
එවන් පසුබිමක දෙවන කාර්තුවේ දී මෙලෙස විදුලිබල මණ්ඩලය ලාභ ලැබීම සුවිශේෂී සිදුවීමක් වනවා.
පසුගිය විදුලි ගාස්තු සංශෝධනය හරහා මෙලෙස විදුලි බල මණ්ඩලයට ලාභදායිත්ව මගකට පිවිසීමට හැකිව තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.
කෙසේ වෙතත් පසුගිය වසරේ දෙවනි කාර්තුවේ දී මණ්ඩලය ලැබූ රුපියල් බිලියන 34.53 ක ලාභය හා සැසඳීමේ දී මෙම වසරේදී දෙවනි කාර්තුවේ ලැබූ ලාභය සියයට 85ක අඩුවීමක් පෙන්නුම් කරනවා.