පුනර්ජනනීය විදුලි බලාගාර මගින් මෙගාවොට් 2500ක අමතර ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා කියා සිටියේ පුද්ගලික අංශයට ඒ සදහා වැඩි අවස්ථාවක් හිමිවන බවයි.
කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉදිරි සැලසුම් සහ පුනර්ජනනීය බලශක්ති භාවිතය පිළිබදව ඉංජිනේරුවන් දැනුවත් කිරීම සදහා මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණා.