ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසත් එම පක්ෂයේ සාමාජිකයෙකු ලෙසත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
අදාළ පැමිණිල්ල අද විභාගයට ගත අවස්ථාවේ කොළඹ දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අධිකරණය විසින් කල් ලබා දෙනු ලැබුවා.
පැමිණිල්ල ජූලි මස 09 වනදා යළි කැඳවීමට නියෝග කළ අධිකරණය එදින දක්වා දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය දිර්ඝ කරන ලෙසත් නියෝග කලා.
උණුසුම් පුවත්
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
- නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
- වන අලි පහරින් අයෙක් මරුට
- තායිලන්තයෙන් ඇවිත් නෝටි වැඩ කළ කතුන් 9ක් අල්ලයි













