විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටියදී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ කළුතර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
කළුතර උතුර පොලිසිය විසින් ඊයේ(22) රාත්‍රීයේ ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ මෙහෙයුමක් අතරතුරදී ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා මහතා වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබෙනවා.
වස්කඩුව වාඩියමංකඩ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ පානදුර සිට කළුතර දෙසට ගමන් කරමින් සිටියදීයි.
අනතුරට සම්බන්ධ වෑන් රථය සහ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.