මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කීපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ නගිමින් තිබෙනවා.
මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශවල ජල මට්ටම අද (20) උදෑසන 06.00 වන විට පිටාර මට්මට පැමිණිමට පිළිවෙලින් අඩි 18.5 ක් හා 12 ක් පමණ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියා.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, කැනියොන් හා බ්‍රෝඩ්ලන්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මෙම ජලාශවල ජලය භාවිතා කරමින් මේ වන විට උපරිම විදුලියක් නිෂ්පාදනය කරන බවයි විදුලි ඉජිනේරුවන් වැඩිදුරටත් කියා සිටියේ.











