දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව පළාත්වලටත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරුමැද, සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට, මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.