කොළඹට අද පස්වරුවේ ඇද හැළුණු අධික වර්ෂාපතනයත් සමගින් ඇති වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
මේ වන විට පුද්ගලයන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටද වාර්තා වනවා.
තද සුළං හේතුවෙන් ස්ථාන කිහිපයකින් ගස් කඩාවැටීම් සහ දේපොළ හානි වාර්තා වනවා.
ඒ අනුව කොළඹ විජේරාම මාවත, කොළඹ හෝර්ටන් පෙදෙස, මෙට්ලන්ඩ් පෙදෙස, කොළඹ 02 නවම් මාවත ඇතුළු ප්‍රදේශ කිහිපයක මෙලෙස ගස් කඩා වැටීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කොළඹ විජේරාම මාවතේ දැවැන්ත මාර ගසක් කඩා වැටීමෙන් තුවාල ලැබූවන් අතර හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ සේවයේ නියුක්ත අයෙක්ද වන බවයි වාර්තා වන්නේ.
විජේරාම මාවතේ පමණක් ගස් හතරක් කඩා වැටී ඇති බවත් එම නිසා බෞද්ධාලෝක මාවත සහ නිදහස් චතුරස්‍රය ආශ්‍රීත මාර්ග කිහිපයක් වසා දමා ඇති බවත් වාර්තා වනවා.
සිදු වූ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඒ ආශ්‍රීත ප්‍රදේශයන්හි තිබූ රථ වාහනවලටද දැඩි හානි සිදුව ඇති බව වී නිව්ස් වාර්තාකරු පවසනවා.