වැලිගම ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්රී තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ 33 හැවිරිදි සැකකරු මාතර ප්රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. එමෙන්ම ඔහු සතුව තිබී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක අතර මීට අදාළව තවත් පුද්ගලයින් සම්බන්ධ වී ඇත්නම් ඔවුන්ද කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ.