වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනයට ප්‍රහාරකයන් භාවිත කළ බව කියන යතුරු පැදිය බුත්තල කතරගම මාර්ගයේ වනාන්තර ප්‍රදේශයක අතහැර දමාගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ පස්වරුවේ එම මාර්ගයේ 16 වන සැතපුම් කණුව අසල යතුරු පැදිය සොයාගෙන ඇත.
ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරුවන් මෙම යතුරු පැදියෙන් පළාගොස් ඇතැයි වාර්තා වනවා.
කැකිරාව බලා යාමට ඔවුන් භාවිත කිරීමට අදහස් කළ යතුරු පැදියේ තාක්ෂණික දෝෂයක් මතුවීම හේතුවෙන් සැකකරුවන් එම යතුරු පැදිය වනාන්තරයේ අතහැර දමා පළාගොස් තිබෙනවා.
එහිදී ඔවුන් වන අලි ප්‍රහාරයකටද ලක්ව තිබූ බව පසුව සිදු කෙරුණු විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
සොයාගත් යතුරු පැදිය වැඩිදුර පරීක්ෂන සඳහා කතරගම පොලිස් ස්ථානයට භාරදී තිබෙනවා.













