සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකකරු අත්අඩංගවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ
පොලිසිය සදහන් කලේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බවයි
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදීයි.
ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් ද සොයාගෙන තිබෙනවා.
එමෙන්ම සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බවද පොලිසිය සඳහන් කලා.











