අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් වැල්ලවාය මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.
ඒ පොලිස්පතිවරයාගේ පැමිණිල්ලක් අනුවයි.
මෙම වැඩ තහනම් කිරීමට හේතු වී ඇත්තේ ඔහුගේ නඩු තීන්දු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් මත අධිකරණ සේවා කොමිසන් සභාව සිදු කරනු ලබන විමර්ශනයක් හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.
මෙම නියෝගය ඊයේ(30) දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා තිබෙනවා.





 


 







 
								