Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වාසි රැසක් අත්කරගන්න උපන් ඇඳුමෙන් නිදාගන්න

    වාසි රැසක් අත්කරගන්න උපන් ඇඳුමෙන් නිදාගන්න

    2023-07-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.66 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    1. නැවුම් වෙනසක්

    අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ ගොඩක් වෙලාවට එකම දිනචරියාවකනේ. ගොඩක් වෙලාවට අපේ ජීවිතේ රූටීන් ලොකුවට වෙනස් වෙන්නේ නෑ. එහෙම අපේ ජීවිතේ ඒකාකාරී වෙන එක හොඳ දේකුත් නෙවෙයි. ඒකෙන් අපිට ජීවිතේ කම්මැලි වෙන්න පටන් ගන්නවා. හැබැයි අපිට පුලුවනි නම් අපේ එදිනෙදා ගත වෙන ජීවිතේට සුළු හෝ වෙනසක් ගෙන එන්න,

    ආන්න ඒ වෙනස ඒකාකාරී බෝරින් ජීවිතයක් රසවත් කරන්න ලොකු වෙනසක් ඇති කරන්න සමත් වෙනවා. ඉතින් හිතෙන්නේ නැද්ද නිරුවතින් නින්දට යන එක, ආන්න ඒ ඒකාකාරී ජීවිතේ රසවත් කරන්න ලැබෙන වෙනසක් කියලා? ඇත්තටම ඒක එහෙම තමයි. ඒක තමන් හිතනවාට වඩා ජීවිතේට සිද්ධ වෙන වෙනසක්.

    2. ශරීරය ගැන ආත්ම විශ්වාසය

    අපි හැමෝම අපේ ශරීරය ගැන සියේට සීයක් තෘප්තිමත් ද? ආන්න් ඒක ගොඩක් අයට උභතෝකෝටික පැනයක්. මොකද, අපි හැමෝගේම ශරීර එකිනෙකාට වෙනස්. එතකොට අපි හැමෝම වගේ, අපේ ශරීරයන් මෙන්න මේ විදියට තිබුණා නම් හොඳයි, මගේ මේ ශරීර අවයවය තව ලොකු වුණා නම් හොඳයි, මගේ මේ ශරීර අවයවය තව ටිකක් පොඩි වුණා නම් හොඳයි කියලා හිතනවා. ඒක ඉතින් තමන්ට ග්‍රීක දෙවියෙක්ගේ හෝ ග්‍රීක දෙවඟනකගේ වගේ ශරීරයක් තිබුණත් වෙනස් වෙන්නේ නැති කාරණාවක්.

    හැබැයි නිරුවතින් නින්දට යනවා කියන්නේම, තමන්ගේ ශරීරය ගැන තමන්ට තියෙන ආත්ම විශ්වාසය වැඩිදියුණු කරන්න වක්‍රාකාරව උදව්වක් වෙන දෙයක් කියන එක බොරුවක් නෙවෙයි. හරි, ඇඳට ගියාට පස්සේ තමන්ට තමන්ගේ ශරීරය පේන්නේ නැහැ තමයි. හැබැයි තමන්ට නිරුවතින් නිදාගන්න පුලුවන් කියන හැඟීමත් එක්කම, තමන් ඉන්නේ නිරුවතින්ය කියන හැඟීමත් එක්කම, තමන්ගේ ශරීරය ගැන තියෙන ආත්ම විශ්වාසය යම් විදියකට වැඩිදියුණු වෙනවාය කියලා කියන්න පුලුවන්!

    3. ශාරීරික සෞඛ්‍යය

    මේක ඉතින් උඩ කියපු කාරණා දෙකටම සම්බන්ධයි. නින්ද කියන්නේ මනුස්සයාට අත්‍යවශ්‍ය දෙයක් කියන එක හැම විශේෂඥයෙක්ම කියන දෙයක්නේ. හොඳ ගැඹුරු නින්දක් නැතිවෙනවා කියන්නේ දවස පුරා තෙහෙට්ටුවට, හිසරදයට වගේ ගොඩක් ගැටළු වලට මුල් වෙන දෙයක්. එතකොට නින්ද අඩු වීම හෝ ගැඹුරු නින්දක් නොමැති වීම නිසා, ඕනම කෙනෙක්ගේ කාර්යක්ෂමතාවයත් පහළ බහිනවා.

    ආශ්‍රීත පුවත්:  අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට

    ඒ ඇරෙන්න, අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග වගේ බෝ නොවෙන රෝග සඳහා තියෙන අවදානම වැඩි වෙන්නත් නින්ද හොඳින් නොලැබීම සැලකිය යුතු විදියට බලපානවා කියලයි කියන්නේ. ඉතින් හොඳ, ගැඹුරු, සැප, ප්‍රමාණවත් නින්දක් දිනපතා ලැබීමෙන් ඔය ප්‍රශ්න ගොඩක් මඟහරවා ගන්න පුලුවන්.

    ඉතින් එහෙම නින්දක් ලබන්න නිරුවතින් නිදාගන්න එකෙන් ලැබෙන හැකියාව ගැන අපි උඩ කතා කරලා තියෙනවනේ.ඒ ඇරෙන්න, අපේ ලිංගික අවයව වලට – විශේෂයෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගයට- වඩාත් හොඳින් වාතාශ්‍රය ලැබෙන්නත්, නිරුවතින් නින්දට යෑම හොඳ හේතුවක් කියලා කියවෙනවා. ඒ නිසාම, වඩාත් නීරෝගී ලිංගික අවයව ලබනත් නිරුවතින් නින්දට යෑම හේතුවක් වෙනවලු.

    4. අතිමහත් පහසුව

    ඇත්තටම ඇඳුම් කැඩුම් ඔක්කොම ගලවලා දාලා ඇඳට ඇවිත්, අළුත්ම ඇඳ ඇතිරිලි වල ඇලවුණහම දැනෙන සනීපය, නිදහස ගැන කියන්න වචන නෑ. ඒක අත්විඳලම බලන්න ඕන දෙයක්. දැන් ලංකාව කියන්නේ රස්නේ රටක්නේ. ඉතින් දුහුල් රාත්‍රී ඇඳුමකින් සැරසිලා නින්දට යනවටත් වඩා, කිසිම දෙයක් නැතුව නින්දට යන එක සැප වැඩක්.

    එතකොට ඔය වහින සීතල කාලෙට පවා, මොනවහරි ඇඳගෙන නිදාගන්නවට වඩා, ඇඳුම් ඔක්කොම ගලවලා දාලා, ඝන බ්ලැන්කට් එකක එතිලා නින්දට යන එකේ වෙfunනම සැපක් තියෙනවා. ඒ දැනෙන නිදහස සහ සැහැල්ලුව, හොඳින් නින්ද යන්නත්, ඉක්මනටම නින්ද ලබාගන්නත් ලොකු හේතුවක් කියන එක ප්‍රායෝගිකව අත්විඳින්න පුලුවන්, එක දවසක් හරි නිරුවතින් නින්දට ගියා නම්! දැන් ඔය ලේසියෙන් නින්ද යන්නෙ නැති අමාරුවෙන් පෙළෙන අයටත් මේක අත්හදා බලන්න පුලුවන්!!

    5. නින්දේ ගුණාත්මකතාවය

    නින්ද කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක්නේ. විශේෂයෙන්ම, සුව නින්දක් නැතිවෙනවා කියන්නෙම අපේ ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳ නැති දෙයක්. අන්න ඒ නිසා, අපිට ඕන කරන්නේ කොහොමහරි නින්දක් නෙවෙයි. සැපවත්, ගැඹුරු නින්දක්. වෙන විදියකට කියනවා නම් කොලිටි නින්දක්. ආන්න එහෙම නින්දක් ලබන්නත් නිරුවතින් නිදාගැනීමෙන් පහසුවක් ලැබෙනවා කියලා තමයි ඔය නින්ද ගැන විශේෂඥයෝ කියන්නේ.

    ආශ්‍රීත පුවත්:  අලුත්ම වෙරළක් අද සිට ඔබේ අයිතියට

    සාමාන්‍යයෙන් නිදන කාමරේක අපිට හොඳ සැපවත් නින්දක් ලබන්න තියෙන්න ඕන උෂ්ණත්වය විදියට ඒ අය අර්ථ දක්වන්නේ, ෆැරන්හයිට් අංශක 65 ක්. එතකොට විශේෂයෙන්ම රස්නේ දවසක් එහෙම ගත්තහම, අපි මොන ඇඳුමක් ඇඳලා හිටියත් දාඩිය දාන ගතියක් එහෙම තියෙනවනේ. හැබැයි නිරුවතින් නින්දට යනවා කියන්නේ, ඒ දහදිය දැමීම නිසා නින්දට බාධා වීම අඩු වෙන්න කාරණයක්. ඒ නිසාම, නින්ද අතරමග කැඩෙන්න තියෙන ඉඩත් අඩුයි. ඒක ඔය ආර්ථවහරණයට මුහුණ දෙන කාන්තාවන්ට එහෙමත් විශේෂයි කියලා තමයි කියන්නේ.

    athal fun joke sleep නිරුවතින්
    පෙර පුව​තයුරෝපා පාර්ලිමේන්තුවේ ‌යෝජනාව ඉන්දියාව හෙළා දකී
    ඊළඟ පුව​ත නෙදර්ලන්ත ආචාර්යවරයකුගෙන් ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group