යාපනය, කුරුණෑගල, මහනුවර හා හම්බන්තොට යන නගරවල වායු දූෂණය ඉහළ ගොස් තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කළේ ඇමරිකානු වායු තත්ත්ව දර්ශකයට අනුව අද උදෑසන මෙම නගරවල ශුද්‍ර අංශු ප්‍රමාණය 101 ත් 150ත් අතර මට්ටමේ පැවති බවයි.
මෙය සංවේදි පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් යම් අපහසුතා ඇතිවිය හැකි අගයක් බව අදාළ නිවේදනයේ සඳහන්.
මේ අතර , ඉදිරි දින කිහිපයේ දී වායු දූෂණය යළි සැළකිය යුතු මට්ටමකට ඉහළ යා හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.