දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බවයි ඒ මහතා සඳහන් කලේ.
එම ටහ්ත්වය තරමක අහිතකර තත්ත්වයක් වන බවද ඒ මහතා සදහන් කලා.
එය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.
අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවයි ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසයි.













