මෙම වසර තුල දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 78 ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.
වී නිව්ස් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ එම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 48 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම වෙඩි තැබීම් වලින් වෙඩිතැබීම් 58 ක් සංවිධානාත්මක අපරාධ සදහා සම්බන්ධ බවයි සදහන් වන්නේ.
මිය ගිය පිරිස අතරින් පුද්ගලයින් 37 දෙනෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සිදු කළ වෙඩි තැබීම් හේතුවෙන් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩි දුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- අසපුවක් නිසා මැදවච්චියේ ගම් රැසක ජනතාව පීඩාවට
- ඉදිරි පැය 36 සඳහා කාලගුණ නිවේදනය
- කූඨ ලෙස සැකසූ වීස බලපත්‍රයකින් ස්පාඤ්ඤයට පනින්න හැදූ විදේශිකයෙක් අත්අඩංගුවට
- නුවරඑළියට පික් මී කුලී රථ සේවාව අවශ්‍ය නෑ
- බස් කොන්දොස්තරලාත් මත්ද්‍රව්‍ය ටෙස්ට් එකට
- ධාවනය වෙමින් තිබූ බස් රථයේ තිරිංග හදිසියේම ක්‍රියාවිරහිත වෙයි – රියදුරුගේ දක්ෂතාවයෙන් ජීවිත 80ක් බේරෙයි
- සම්භාහනය මුවාවෙන් ගණිකා සේවයේ නියැලුණු තිදෙනෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදන මෝදක අලෙවි කළ තරුණයෙක් අත්අඩංගුවට













