මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ සිදුවූ වල් අලියෙකු පහර දීමකින් ගොවි මහතෙකු මියගොස් ඇති බව පූනෑව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 137/1,BOP 400, පුලස්තිගම පොලොන්නරුව ලිපිනයේ ස්ථිර පදිංචි, මැදවච්චිය, කුඩාහල්මිල්ලෑව, පූනෑව, ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව ගොවිතැන් කටයුතු කළ ජයසේකරගේ මුණසිංහ නැමැති 69 හැවිරිදි විශ්‍රාමික පොලිස් පරික්ෂක වරයෙකි.
මෙම පුද්ගලයා කුඩාහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට රාත්‍රි ආහාර ලබා ගෙන 07.30ට පමණ තම බඩ ඉරුගු වගා කර ඇති ඉඩමේ පැල් රැකිම සදහා නිවසෙන් පැමිණ තිබනෙවා.
අනතුරුව ඔහු ගොස් විනාඩි 05 කට පමණ පසුව වල් අලියකු ඵකවර කැගසන ශබිදය ඇසුන බවත් පසුව මරණකරුගේ ජංගම දුරකථනය වෙත ඇමතුමක් ලබා ගත් බවත් ඇමතුම සදහා ප්‍රතිචාර නොලබිම නිසා ප්‍රදේශවාසින් ටැක්ටර් රථ දෙකකින් ඵම ස්ථානය වෙත ගොස් ඇති බවත් ඔහුන් යන විට වන අලියා විසින් ජයසේකරගේ විජෙසිංහ යන අය හට පහර දි මරා දමා ඇති බවත් මියගිය ගොවිමහතාගේ ඥාති පුතෙකු පොලිසියට පවසා තිබෙනවා.
අනතුරුව දේහය ප්‍රදේශවාසීන් විසින් රෝහල වෙත ගෙනගොස් තිබෙනවා.