ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ ඉදිපොළගේ මහතා සඳහන් කළේ ඉන්ධන ප්‍රවාහන දුම්රිය අධික වේගයෙන් එම ස්ථානයේ ධාවනය වුයේද යන්න පිළිබද සොයා බලන බවයි.

ගල්ඔය සහ හිගුරක්ගොඩ අතරදී අද අලු‍යම වන අලි ගැටීමෙන් දුම්රිය පීලි පැනීමට ලක්වු අතර අනතුරින් වන අලි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

WhatsApp Group

Skip to content