වතුකරයේ දැනට විදුලි කාර්මික ක්ශේස්ත්‍රයේ වසර 04කට වඩා නියැලී සිටින විදුලි
කාර්මිකයන්ට විභාගයට පෙනී සිට NVQ 04 සහතික පත් ලබා ගැනීම සදහා පුහුණුව
ලැබූ විදුලි කාර්මිකයන් 22 දෙනකුට සහතික පත් ප්‍රදානය කිරිම ඊයේ (21) දින කදුකර
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙදි සිදු කෙරුණා.
ACL කේබල් සමාගමේ අනුග්‍රහය මත වතුකරයේ විදුලි කාර්මික ශිල්පීන් ලෙස වසර 04කට වඩා කාලයක් සේවය කරන කාර්මික ශිල්පීන් තෝරාගෙන එම ශිල්පීන්ට NVQ 04 සහතිකය ලබා ගැනීමට අවශය ප්‍රායෝගික දැනුම පැය 220ක් වැනි කෙටි කාලයක්
තුල ලබා දීමට කටයුතු කල බවයි එම සමාගමේ අලෙවි ප්‍රධානී දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා.
තම සමාගම විසින් දිවයින පුරා මෙවැනි පාඨමාලා 40ක් පවත්වාගෙන යන බවත්, 38වන පාඨමාලාව හැටන් නගරය කේන්ද්‍රකර ගනිමින් පැවත්වූ බවත්, විදුලි කාර්මික ශිල්පියෙකුට එම ක්ශේත්‍රෙය් රැදී සිටිමට NVQ 04 සහතිකය අනිවාර්යයෙන් තිබිය
යුතු බවයි දීප්ත බණ්ඩාර මහතා කියා සිටියා .
මෙම සහතික පත් ප්‍රදානය කිරිමේ අවස්ථාවට එම පුහුණු මධ්‍යස්ථානයේ විදුහල්පති එස්.විජේසිංහ මහතා ඇතුලු නිළධාරින් පිරිසක් සහභාගි විය.













