Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

    වත්මන් ප්‍රගතිය ගැන රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුම්වත් කරයි

    2023-01-11කියවීමට මිනිත්තු 3ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සමඟ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නව වසර සඳහා ප්‍රථම සාකච්ඡාව පවත්වමින් සමාජ-ආර්ථික ස්ථායීකරණය, ප්‍රතිසන්ධානය සහ ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීමේ වසරක් ලෙස ශ්‍රී ලංකාව 2023 වසර හඳුනාගෙන ඇති බව දන්වා සිටියා.

    ප්‍රකෘතිමත්භාවය ළඟා කරගැනීම සම්බන්ධයෙන් මෙරට සාක්ෂාත් කරගත් ප්‍රගතිය ආශ්‍රිත අදාළ ක්ෂේත්‍ර මෙන්ම ජනතාවට ඉහළ ස්ථාවරත්වයක් ලබාගැනීම සඳහා අභියෝග මධ්‍යයේ වුවද ක්‍රියාත්මක කරන ලද මුලපිරීම් පිළිබඳ මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, විදේශ ලේකම් අරුණි විජේවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. එච්. ඩබ්. ඒ. කුමාරසිරි ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

    පසුගිය මාස කිහිපය තුළ, ප්‍රතිසන්ධාන කටයුතුවලට අදාළව රජය විසින් ගනු ලැබූ ප්‍රධාන ක්‍රියාමාර්ග පිළිබඳ අමාත්‍ය සබ්රි මහතා මෙහි දී පැහැදිලි කළා.

    2022 දෙසැම්බර් මස ජනාධිපතිවරයා විසින් සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පවත්වන ලද සර්ව පාක්ෂික සමුළුව, ප්‍රතිසන්ධානය පිළිබඳ කැබිනට් අනු කමිටුවේ ක්‍රියාකාරීත්වය සහ උතුරු පළාතේ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ විශේෂ ඒකකයක් පිහිටුවීම ආදිය ඊට ඇතුළත්.

    සත්‍යය සහ ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයක් පිහිටුවීමට සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු පිළිබඳ කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය දැඩි පරිශ්‍රමයක් දැරූ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයට එරෙහි පුළුල් නීති කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය,දූෂණ විරෝධී නීතිය පිළිබඳව යාවත්කාලීන කිරීම, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP), පුද්ගලයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා වන කාර්යාලය (OR) සහ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR) ඇතුළුව, අධිකරණ අමාත්‍යංශයේ විෂය පථයට අයත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට අදාළ කරුණුවල ප්‍රගතිය අධිකරණ අමාත්‍යවරයා විසින් පැහැදිලි කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද එළි දැක්වීමට නියමිතයි

    2023 වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පැමිණීම් ප්‍රමාණය ඉහළ නැංවීම දිරිමත් කිරීම සඳහා සංචාරකයන් සඳහා අත්‍යවශ්‍ය සියලුම පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බව සංචාරක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

    ඉන්ධන ලබාගැනීම සඳහා නිකුත් කරන ලද බලපත්‍ර ලබාදීම මගින් විදේශීය සංචාරකයන්ට ඉන්ධන සැපයීම සහතික කිරීම සහ හඳුනාගත් සංචාරක කලාප තුළ විදුලිය කප්පාදු නොකිරීම ආදී පියවර ඊට ඇතුළත්.

    විශේෂයෙන්ම සංචාරක උපදේශන සංශෝධනය කිරීමේ දී මෙරට වත්මන් තත්ත්වය පිළිබිඹු වන අයුරින් කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා අනෙකුත් රටවල් දිරිමත් කරනු ලැබුවා.

    මෙරට වත්මන් ආර්ථික තත්ත්වය සහ අපේක්ෂිත ඉදිරි ගමන පිළිබඳ කරුණු දක්වා සිටියේ මහ බැංකුවේ අධිපතිවරයා විසින්.

    මෙරට අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා ක්‍රියාත්මක කරන ලද සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ ජාතික සැලසුම් අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කළා.

    මානව හිමිකම් කවුන්සිලයේ ස්වේච්ඡා සමාලෝචන ක්‍රියාවලියක් වන විශ්වීය වාරික සමාලෝචනයේ (UPR) 4 වන චක්‍රය යටතේ ශ්‍රී ලංකාව සිය ජාතික වාර්තාව ඉදිරිපත් කර ඇති බව විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ප්‍රකාශ කළා.

    ජාතික වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලියේ දී රජය සිවිල් සමාජ සංවිධාන ඇතුළු දේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගනිමින් පුළුල් උපදේශන ලබා ගත් බවයි ඇය අවධාරණය කළේ.

    ශ්‍රී ලංකාව එක්සත් ජාතීන් සමඟ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගය පවත්වා ගනිමින් සාධනීය අයුරින් ඵලදායී සංවාදයක නිරත වීමට අපේක්ෂා කරන බවද ඇය එහිදී සඳහන් කළා.

    මෙම ඉදිරිපත් කිරීම්වලින් අනතුරුව පැවති සාකච්ඡාව අතරතුර සිය අදහස් පළ කළ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, මෙරට වත්මන් තත්ත්වය පිළිබඳ සිදු කළ මෙම ඵලදායී සහ ප්‍රයෝජනවත් දැනුම්වත් කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ අතර, ප්‍රකෘතිමත්භාවය සහ ස්ථාවරභාවය ළඟා කරගැනීම සඳහා ගෙන ඇති පියවර ද අගය කරනු ලැබුවා.

    Ali sabry briefing Colombo-based diplomatic corps diplomatic Minister of Foreign Affairs
    පෙර පුව​තරාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් මැතිවරණ කොමිසමට කැඳවයි 
    ඊළඟ පුව​ත PHIවරුන්ගෙන් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට අනතුරු ඇඟවීමක්

    සබැ​ඳි පුවත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    2026-03-05

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    2026-03-05

    දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ

    2026-03-05

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-03-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group