ලෝක හදවත් දිනය අදට යෙදී තිබෙනවා.
සෑම වසරකම සැප්තැම්බර් 29 වනදා හදවත් රෝග සම්බන්ධයෙන් ලෝකය දැනුවත් කිරිමේ අරමුණින් මෙම හදවත් දිනය සමරනු ලබනවා.
මෙවර හදවත් දිනයේ තේමාව වන්නේ “සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා“ යන්නයි.
මේ අතර ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ.
හෘද රෝග පිළිබදව දැනුවත් භාවය, ව්‍යායාම, යහපත් ආහාර රටා, දුම්පානයෙන් වැළකී සිටීම, ආතතියෙන් තොර වීම සහ සෞඛ්‍ය පරීක්ෂාවන් මෙම රෝගයෙන් වැළකීම සඳහා වැදගත් වන බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරන්නේ.