ලබන නොවැම්බර් 10 වනදා අමෙරිකාවේ කැලිෆා්නියා හි පැවැත්වෙන ලෝක කුසලාන කැරම් තරගාවලිය සඳහා ශ්රී ලංකා කැරම් ක්රීඩක ක්රීඩිකාවන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා.
ඒ, ඊට සහභාගි වීමට නියමිත ක්රීඩක ක්රීඩිකාවන් අටදෙනාගෙන් හයදෙනෙකුගේම වීසා ප්රතික්ෂේප වීම හේතුවෙන්.
2018 වසරේ පැවති අවසන් කැරම් ලෝක ශූරතාවයේදී ශ්රී ලංකා පිරිමි කැරම් කණ්ඩායම එහි ශූරයින් වූ අතර, කාන්තා කණ්ඩායම අනුශූරියන් බවට පත්වුණා.