මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්වී සිටි වෙනිසියුලානු ජාතික හුවාන් විසෙන්ටේ මියගොස් ඇත.
වයස අවුරුදු 114ක් සම්පූර්ණ වී සිටියදී ඊයේ දිනයේ ඔහු මියගොස් ඇති ඔහුට දරුවන් 11 දෙනෙකු සහ මුනුබුරු, මිනිබිරියන් 41 දෙනෙකු සිටින බව සඳහන් වේ.
2022 වසරේ පෙබරවාරි 04 වන දින ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම මිනිසා ලෙස ඔහු නම් කර තිබුණි.