රෙගේ සම්ප්‍රදායේ ප්‍රකට සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද ශ්‍රී ලංකාවට පැමිණියා.
ඒ මෙරට තුල ප්‍රසංගයක් පැවැත්වීම සදහායි.
බොබ් මාලේගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයකු ලෙස ඇල්ෆා බ්ලොන්ඩි හැඳින්විය හැකියි.
ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකුද සමග අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඇල්ෆා බ්ලොන්ඩි කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී එළඹෙන 19වැනිදා සවස සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතයි.
ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබුවා.