ආනයනික ලොකු ළුණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අනුමත කර තිබෙනවා.
ඒ, මෙවර යල කන්නය සඳහා දේශීය ගොවීන්ට සාධාරණ මිලක් සහතික කිරීම සඳහායි.
මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අහෝසි කිරීමට නියමිතව තිබුණද, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහායි රජය මෙම පියවර ගෙන ඇත්තේ.
ඒ අනුව ආනයනික ලොකු ළුණු කිලෝග්රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් සහ ආනයනික අර්තාපල් කිලෝග්රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 20 කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.