මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන ලොකු පැටී සහ ඔහුට ආධාර අනුබල ලබාදුන් බව කියන දේවාලයක කපුවෙකු ලබන 31 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසf කාළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(24) නියෝග කර තිබෙනවා.
මෙම සැකකරුවන් ඇපමත මුදාහරින ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවත් අධිකරණය දැනුම්දී තිබෙනවා.
මෙම නඩුව ඊයේ(24) කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ බන්ධනාගාර ගත කර සිටින ලොකු පැටී නමැති සැකකරු සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විෂ මත්ද්‍රවය පනතේ 54(අ) වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බවද කියා සිටියා.
මේ දිනවල පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග කුඩා සහ විශාල ප්‍රමාණයේ ජලාශ 15ක පමණ වාන් දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බවත් ඉන් තත්පරයට ඝණ අඩි 5087ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හරින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් එල්.එස්. සූරියබණ්ඩාර මහතා පවසනවා.
එසේම සියඹන්ගමුව, දැදුරුඔය ජලාශය, බතලගොඩ, හත්වටුනාඔය සහ යෝධ වැව ආදී ජලාශ ඇතුළු වැව් කිහිපයක්ද වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී එම ජලාශවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ආශ්‍රීත ප්‍රදේශයන්හි ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.













