ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් දැනට බූස්ස බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී නමැත්තාගේ සමීපතමයෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අදාළ සැකකරු සන්තකයේ තිබී ටී-56 ගිනි අවියක්, ෂොට්ගන් දෙක්ක සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනුණු බවයි.
එම අවි ආයුධ පොළොව යට සඟවා තිබියදී සොයාගෙන තිබෙනවා.
ලොකු පැටීගේ උපදෙස් පරිදි අදාළ අවිආයුධ ටිපර් රථයක සූක්ෂම ලෙස සඟවා සැකකරු වෙත එවා ඇති බව මූලික විමර්ශනවලින් හෙළිව ඇති බවයි වාර්තා වන්නේ.
එසේම අදාළ ටිපර් රථයෙන් කොළඹට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහාද සැලසුම් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු යුද හමුදා විශේෂ බලකායේ හිටපු සෙබලෙක් බවත් ඔහු තවත් විශේෂ බලකා සෙබලෙකු විසින් ලොකු පැටීට සම්බන්ධ කර ඇති බවටත් වාර්තා වනවා.
යුද හමුදාවේ හිටපු විශේෂ බලකා සෙබළුන්ගෙන් සමන්විත අපරාධ කල්ලියක් ලොකු පැටී විසින් සකසාගෙන සිටින බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන සිටියදීත් දැනට බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ලොකු පැටී විසින් දුරකතන ඇමතම් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.